සාගරය බඳු වේදනාවෝ
Saagaraya Bandu Wedanawo
සාගරය බදු වේදනාවෝ
සුන් වෙලා යනවෝ
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ
පෙරුම් පුරනා බෝ සතුන්ටත්
මාර සෙන් සිටියෝ
ඉතින් එහෙනම් අපට නැති වේද
රුදුරු බදාවෝ
පැමිණි දුක් කද පැණි රසක් බව
බෝ සතුන් සිතුවෝ
ඉතින් එහෙනම් අපිත් ඉවසමු
දුක්ක ගංගාවෝ
එදා කදුලැල් මෙදා හසරැල්
පැතුම් ඉටුවෙනවෝ
පැතුම් හොදනම් යනෙන ගමනේදී
සිහින එලිවෙන්නෝ
මිනිස් ලොවකට ලබන්නට බැරි
ජයක් කොතැනකදෝ
මිනිස් කම් මත දිවි ගෙවයි නම්
ඔවුන් ජය ලැබුවෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සේනානායක වේරලියද්ද