නළල වියලවා විගසින්
Nalala Wiyalawa Wigasin
නළල වියලවා විගසින්
තිලකයක් තියා අළුතින්
දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
තවම කෙහෙ රැළින් දිය වෑහෙනවා රාජිනී
ලපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී
දිලිහෙනව රාජිනී
දෙවොල් මළුවේ සුදු වැලි කැට
පුරුද්දට වගේ ගැන ගැන
සීනු හඬට කන් දෙන විට
පිරුණු හිත මුවින් උතුරන අපූරුව මැවේ
රාස්සිගේ අව් කෙඳි ටික
නාගදීපයට එපිටින්
මුහුදේ ගිලෙන විට සිහිලයි නොවේද රාජිනී
නොවේද රාජිනී
මඟ වසන වලා තිරපට
ඉරාගෙන උජාරුවකින්
බක් මහේ නැවුම් සඳවත
පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සේ
කතා කරන ඇස් වහගෙන
අගය පෙන්වනා විටදිත්
නුඹ තරම් සොඳුරු කවියක් නැහැනේ රාජිනී
නැහැනේ රාජිනී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සේනානායක වේරලියද්ද