බෝසත් කුල ඇතාණෝ
Bosath Kula Athano
බෝසත් කුල ඇතාණෝ
සිවුපා මහ සතාණෝ
වනන්තරේ නෙතාණෝ
පාරිලෙය්‍ය ඇතාණෝ
ඇතාණෝ ඇතාණෝ
වැඩම කලත් දළදා හිමි සඳාණෝ
දෙදළ කපා බිම හෙලනා ඇතාණෝ
ඇවිදින කල අහිමිව වන පෙතානෝ
වෙඩි පිට වෙඩි කා මියැදෙන ඇතාණෝ
සක්වල ගල සොඳුරුමැ ඇත් රජාණෝ
ගැමුණු රජුට ජය දුන් හිතවතානෝ
පනාමුරේ පරපුරැ සිරිමතාණෝ
අභය බිමෙත් හබයක් නැති රජාණෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ