බංගලි වළලු ගෙන එන්නයි

Bangali Walalu Gena Ennayi
බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව
රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව
යල මහ දෙක වැඩ කරලා ගොයම් කපා
බක් මහ එන්න පෙර බැඳෙමුයි තැවෙන්නෙපා
ඉක්මන් කතා කී ඇස් දෙක අඬන්නෙපා
දැක්මත් සහනයකි ඔබ මගහරින්නෙපා
දෙවැට දිරා ගිය රුක් අතු සෙවණ යට
ඕවිට අසල දිය උතුරන පොකුණ පිට
තාමත් දැණෙනවා ඇඟ ගෑ සුවඳ මට
නවතිනු බැරි වුණත් එනු මස්සිනේ ගෙට
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ජලීන් ගුණතිලක
All songs by ඇන්ජලීන් ගුණතිලක