බලන්න ආවේ
Balanna Aawe
බලන්න ආවේ හුඟ කලකින් දැක්කෙ නැති නිසයි
බලන්න ආවේ ලිපියක්වත් එවුවෙ නැති නිසයි
එක පැයකට හත් අටවර හිතට නැගෙනවා
සමහර විට මට නොදැනිම කඳුලූ හැලෙනවා
ඉස්සර නම් හිතුන හිතුන විටදි හමුවුනා
සිතින් වෙලී මියුරු මධුර ලොවක තනිවුනා
එකට ඉඳන් එකට අඬන් එකට හිනැහුනා
ආදරයක අරුම පුදුම රසය තේරුනා
කල් ගිය පසු මලෙන් නටුව ලෙසින් වෙන්වුනා
ඔබෙ රූපය මේ නෙත් දෙක කෙරෙන් වෙන්වුනා
ආදරයක වේදනාවෙ තරම තේරුනා
එය ඉවසා ඉන්නා බැරිව එන්න සිත් වුනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල