අතැඟිලි බැඳුනේ ඇයි
Athangili Bandune
අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං
ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං
සිති සිත ඔබ ගැන දින දින ලතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං
සිතු පැතු සැම දේ නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වන තුරු යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රානි පෙරේරා