ඇසුවේද කවුරුන් හෝ
Asuweda Kawurun Ho
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක්
සතුටේ උපත කඳුලයි සදා
හද වේදනා දෝතින් ගෙනා
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා
පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ