අර සඳ පළුවෙන්

Ara Sanda Paluwen
අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි
තුරු හිස සිඹ සිඹ වැද මද නළ
මුමුණන විට ගී සවනට
අපි ඇල් හේනේ පැල් මැස්සේ
ගැයූ ගීත එයි සිහියට
හිත වාවනු බැරි වී එන්නට
හිතුනත් ආපසු ගම රට
හෙට අදට වඩා හොඳ වේ යැයි
කොඳුරයි රහසින් යටි හිත
අග හිඟ මාලය ගෙල ළාගෙන
දුක විඳින්න බැරි හින්දම
මට වෙස්සන්තර රජු වාගේ
දරු දන්දෙනු බැරි හින්දම
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
උන් හැටි සිහියට අරගෙන
හොඳ පරිස්සමින් මං එනතුරු
ඉන්නවා නේද මගෙ රන් කඳ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සේනානායක වේරලියද්ද
All songs by සේනානායක වේරලියද්ද