අන්දර වැටෙන් එබෙන
Andara Waten Ebena
අන්දර වැටෙන් එබෙන සුන්දරී
සුන්දර සුපිපි කුසුම් මංජරී
මංපෙත සුවඳ කරන රම්බරී
රන්රසු නගන නාරි කුංජරී
ඔබගේ ගමන් ලතාවෙන්
නළලත කියඹු ලතාවෙන්
දෙව්ලිය සදිසි කතාවෙන්
ජීවිතයම හරි සොඳුරුයි
සුන්දරී
මොහොතක රැඳෙන පමාවෙන්
සවනත සදන අමාවෙන්
දෙඅදර මවන සිනාවෙන්
ජීවිතයම හරි සොඳුරුයි
සුන්දරී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ