අඬන්නේ ඇයි සුදු මැණිකේ

Andanne Eyi Sudu Manike
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
ඔයාව ජීවිතයේ මට හමුවුණු මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ
කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ
ප‍්‍රියාවි රැකගන්නම් හද බලකොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ පේ‍්‍රමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නේ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල
All songs by එච් ආර් ජෝතිපාල