අමර පෙම් ලතාවේ
Amara Pem Lathawe
අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ
අඳුන් සඳුන් සුව මැවේ මහද මන්දිරේ
ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාවේ
කසුන් සදක් ජනිත වේ ජීවන අඹරේ
ඔබෙ දෙපා ළග මගේ තුරුණු හද පිදේ
හිම වතේ සිසිල දේ ගිමන සංසිදේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළී ගමී ඔබගෙ ජීවිතේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ජලීන් ගුණතිලක