අහසින් පොලවට

Ahasin Polawata
අහසින් පොළොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ
මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ පුංචි දුවේ
මන්දිර වාසල පැල්පත අගුපිල
කොයි දරුවත් දරුවොයි මෙලොවේ
නුඹලා ඉන්නා නිසාද මේ ගෙට
අනාථ නිවසයි පට බැඳුණේ
ගෙනත් දෙතිය රස මසවුළු මව්වරු
දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ
නැති බැරි කම් මැද අහක දමන්නද
නුඹෙ මව් ලමැදේ කිරි එරුණේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ