අහසේ ලිව්වත්
Ahase Liwwath
අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත් කළ
නොහැකිය නිම්
පුවත අපේ පෙම්
ආ යන්නෙන් ආදර ගීතේ
මුලින් ලියූ සිහින පොතෙහි
සීගිරියේ ගී වැල් වාගේ
දෙදෙනාගේම මතක තියේවී
දේදුන්න සේ මැකී නොයේවා
ආවත් වියෝග අන්ධකාරේ
මුව පියුමේ උතුරන සීනේ
මම නිරතුරු රැදෙමි දයාවී
අපි ගැන පඬිවරුද කතාවී
මතු ඉතිහාසය ද කියාවී
රාමා සීතා කතන්දරේ මෙන්
යුගයෙන් යුගයට එය පැතිරේවී
කඳුළු හෙළූ දෙකොපුල් යහනේ
විඩා නිවා ලැඟුම් ලබන්නයි
පියෙන් පියට ඇස් වැල් පටලා
දිවි ඇතිතුරු ගමන් කරන්නයි
මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු
ආදරයේ තනි නවාතැනේ මේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල