අද ඉපදුනු
Ada Ipadunu
අද ඉපැදුණු නැවුම් ලොවට සිවු දෙවියනි වරම් දෙන්න
පතිනි මවුනි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න
උපන් බිළිඳු නහවන්නට රුවන් පිරිස පැන් වඩතී
සිරිමාබෝ පත් සෙලැවී මෙත් සිහිලෙන් සුවය දෙතී
දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිතී
සඳ හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී
කල්පයකට ආයු දෙතී
සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී
සිරි දළදා හිමි සරණින් පිහිට ලබා නිදුක් වෙතී
උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී
බාල බිලිඳු පිලිගන්නට සමන් දෙවිඳු දෝත දෙතී
සමන් දෙවිඳු දෝත දෙතී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ