යාන්තමින් ඇස් විහිදාලා

Yaanthamin As Wihidaalaa
යාන්තමින් ඇස් විහිදාලා බලනා හැටි
යාප්පුවෙන් මන්මත් වීලා සැලෙනා ගති
යහන් තලාවේ හීන ගලාවී ළංවී බැඳී
පහන් වුණාවේ පහස සොයා දී සුරතේ වෙලී
කාන්ති විහිදේ කේන්ති නෑනේ
වෑහෙන හීන ගානේ
සිතුවම් ඈගෙ දෑසේ
බැඳුනා ප්‍රේම දැහැනේ
ආදර සිතුවිලි වෑහේ
දෑස විහිදාන ඈ පාව ආවා
රහස කීවා හිතේ
මාව සනසාවි ඒ ප්‍රේම සේයා
පහස දීලා හදේ
හද පාරනා වේදනා
දුර පාවෙලා චෝදනා
කෝල මදහාස දී පාව ආවා
දෑත දීලා ඇගේ
නීල තරු රෑන සේයාව මා හා
හීන මවනා පැයේ
හද පාරනා වේදනා
දුර පාවෙලා චෝදනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ජූඩ් රෝගන්ස්
All songs by ජූඩ් රෝගන්ස්