ඔබ මැව්වේ ඔබ හට නොවේ
Oba Mawwe Oba Hata Nowe
ඔබ මැව්වේ ඔබ හට නොවේ
මා වෙනුවෙනි මේ භවයේ
මා මැව්වේ මට නම් නොවේ
මා හිමි ඔයාටයි ලොවේ
මා ඔබේ වෙලා
ඔබ මගේ වෙලා
අපි දැන් අපගෙයිනේ
පෙම්බර හිත් තීරේ
ආල හැඟුම් බෝ වේ
දැනුනා ඔබේ ආදරේ
ඔය රළු පපු තලයේ
ඇලවෙන්නම් රහසේ
ආදරේ වෑහේ හදේ
මා පැතු ඔය තුරුලේ
මියදෙන තුරු රහසේ
ඉන්නයි මට ඕනේ
උපදින හැම භවයේ
ඔබමයි මට ඕනේ
ඔබටයි සසරම මේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ජූඩ් රෝගන්ස්