මේ මල් යායේ
Me Mal Yaaye
මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා
මා දෑතේ වේලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැගුවා
ඒ ඡායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දැලේ දුක සැදුවා
සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එඩ්වඩ් ජයකොඩි