විකසිත තරු රෑනේ
Wikasitha Tharu Raane
විකසිත තරු රෑනේ
එපා මවන්නට ඉතින් ඇගේ රුව
මුකුලිත මල් ළඳුනේ
එපා අසන්නට ඉතින් ඇගේ වත
ඈ නැත මගේ ලොවේ
එකම සිතක් ලෙස සිත් දෙක හඳුනා
එකම පැතුම වී දෙසිතම පිපුණා
හෙටත් උදෑසන කුරුල්ලනේ තොප
ඈ මා එන මඟ බලා හිඳිනවද
ඈ නැත මගේ ලොවේ
අටවක පෝයට පන්සල වැඳලා
කන්දෙ විහාරේ දෙවියන් පුදලා
පහන් දල්වලා දෑතම සිපගෙන
දිවුරා කීවත් පලා නොයන වග
ඈ නැත මගේ ලොවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක