සප්ත සයුරින් එහා

Saptha Sayurin Eha
සප්ත සයුරින් එහා දේශ දෙශාන්තරේ
සිරිලක් සළු පිළියෙන් පිදු මව්බිම ධන නිධාන බඳු
සියල් සිරිලක පරසිඳු සළු වියනා කුමාරී
අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල්
කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල්
දෙන්නී ඇය මව් භුමිය රක්නා රන් මසුරන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ
සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ
නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක