වක්කඩ ළඟ
Wakkada Langa
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටවු උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වළාකුලින් විදුලිය කෙටුවා
කිවුවට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා
ගල මතුපිට මල පිපෙන්න
මලවට බඹරිඳු නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනා වෙයන් කලු හිනා වෙයන්
වෙලා මගේ හිත හිනාවකින් තව
හිනා වෙයන් කලු හිනා වෙයන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව