ඉපිද මැරේ

Ipida Mare
ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ
අතර තුරේ නොමැරි මැරේ
දස දහස් වරේ
නිසල නෙතේ සසල වෙතේ
නොතිර සසර සාගරේ
කුමන නැටුම් කෙළි කවට සිනා දා
මරුට නොමැත කිසි විටකදී බාධා
ඔබට නොදන්වා මරු මෙහි ආදා
යන්නට සිදු වන්නේ
ඉන්නට බැරි වන්නේ
නොතිර සසර සාගරේ
කුණු කය නිසරුයි නැත පවතින්නේ
කළ හොඳ පමණයි මෙලොව
රැඳෙන්නේ
නැති බැරිකම් ලෙඩ දුක් ඇති වන්නේ
අපටයි මිනිසුනේ ඇයි එය
නොසිතන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව
All songs by අමරදේව