වක්කඩ ළඟ

Wakkada Langa
වක්කඩ ළඟ බැද්ද ඉමේ ඉද්ද ගැසී බලා හිඳී
ගමේ ගැටවු නුඹ යන මඟ කඩ පිළ ළඟ බලා හිඳී
කට කොනකින් වත් එපා හිනා නගන්න
නෙත කොනකින් වත් එපා බැලුම් හෙලන්න
මල්ගෝමර සිහින් බඳේ සුළඟ දකී ටිකිරි නගේ
මුතු දත් පෙල පුරා නටන කොමළ හිනා බිංදු බිංදු
අනේ කොහෙද නුඹේ රුවට මං දැක නැහැ ගමේ ළන්දු
වත පියුමේ රුවට ළඳේ හඳපානත් වියරු වැටේ
ගොම්මන් කළුවර යාමේ තනි මඟ නොම යන් නිරතුරු
ඔය ලස්සන වසා ගනිං දීගෙක යන දා එන තුරු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක