ටිකිරි මැණිකේ

Tikiri Manike
ටිකිරි මැණිකේ
ඇඹුල ගෙනැල්ලා
ගොවිරාළ ගොඩට ඇවිල්ලා
ගලන දොලෙන් ඇඟ සෝදාලා
කිරල ගහේ හෙවනට වීලා
නෙලුම් කොලේ එතන තියාලා
ටිකිරි මැණිකේ ඇඹුල බෙදනවා
නියර දිගේ ගොවියෝ එනවා
බෙදන ඇඹුල රස කර කනවා
ඔමරි සිනා හඬ පැතිරෙනවා
මුළු ගමටම කිරි ඉතිරෙනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මොහිදීන් බෙග්
All songs by මොහිදීන් බෙග්