ගමේ ගොඩේ සිදාදියේ

Game Gode Sidadiye
ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ
මම පොලටයි ආවේ
රට පැදුර විකුණා ගන්න
බුලත් පුවක් අරං යන්න
සරමක් බැනියමක් ගන්න
ගොවි මහතුන් එකතුවන්න
පොඩි පුතාට සීනි බෝල
පුංචි දුවට වළලු මාල
ලොකු දෝනිට සිනිඳු සේල
අරගෙන යයි ගමේ රාළ
ගුරු මහතයි ගොවි රාලයි
කට්ටඩියයි වෙද රාලයි
ගම මහගෙයි පොඩි මැණිකෙයි
එක්වන කඩපොළ මේකයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මොහිදීන් බෙග්
All songs by මොහිදීන් බෙග්