තුමුල නමුනු කුල ගිරි හිස
Thumula Namunu Kula
තුමුල නමුනු කුල ගිරි හිස
උඳුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි
කිම ද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින්
කදුළු පනින තුරු එලියට
ඔහොම හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා
නුඹේ වත මඬල සඟවා
මුවා වෙන ලෙසින් අතුරන
සීත පිණි නිසා තිලකය
පාළුවෙයි උමා
සීත මීදුමේ තිරපට
වළලු ලූ අතින් ඉවතට
ඈත්කර හොරෙන් හෙමිහිට
බලාපන් උමා
කන්ද උඩ රුවින් දිදුලන
කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා
හිතනවද උමා
අප වටා නැගෙන උවදුරු
ඈත්වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක්
ඉතිරි වෙද උමා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සමන් ජයනාත් ජිනදාස