ගාන තෙල් සඳුන්
Gaana Thel Sandun
ගාන තෙල් සඳුන් වරලස
පීරමින් බලන හැඩ රුව
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී
කෝල මුතු සිනා දෙතොලහි
පිපුනු රන් ලමැද ගෝමර
නුඹම නොවෙද හිත රජවුනු මහේෂිකාවී
සඳ හිනැහී එන යාමෙට
සුදු සඳ රැස් විලට බහින
සුනිල පියුම් පෙති නෙළමින
මාල ගොතා ගෙලේ බඳින
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී
නුඹම නොවෙද හිත රජවුනු මහේෂිකාවී
වසන්තයේ හිරු හිනැහෙන
දිගන්තයේ මල් සුවඳින
දසන්තයේ සිත් පුබුදන
කාන්තියේ නෙත් දිදුලන
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී
නුඹම නොවෙද හිත රජවුනු මහේෂිකාවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සමන් ජයනාත් ජිනදාස