තුඩින් තුඩග
Thudin Thudaga
තුඩින් තුඩග ගී සින්දු කියාගෙන
එහා ගමෙන් එන්නේ
මලින් මලේ මී බින්දු උරාගෙන
අපට හොරා යන්නේ
වැස්ස වසින්නට ඉස්සර මී වද
පැණියෙන් පුරවන්නේ
මී මැසි පුරයට අගහිඟකම
කිසි දිනයක නොමවන්නේ
අලසව නොනිදන කඩිසර ගති හුරු
රැජිණගේ රජ දහනේ
සමගිය පවසන පිරිවර නිරතුරු
දෙති ගුම් ගුම් නාදේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දමයන්ති ජයසූරිය