පාට පාට සමනල තටු

Paata Paata Samanala
පාට පාට සමනල තටු
මද පවනේ පාවෙනවා
රන් හිරු රැස් රටා වියා
රන්දෙරණත සරසනවා
සාදූ කියා සිරිපාදෙ කන්ද නගිනවා
සාදූ සාදූ බුදු සාදූගෙ පාද වඳිනවා
රතු නැන්දා රසට හැදුව
අග්ගල කන් ඩෝං පුතා
කළු මාමගෙ අතඅල්ලා
හෙලේ නගින් ඩෝං පුතා
ඉඳිකටුපානේ සීතල ඇඟ දැවටෙනවා
ගිලී මලේ කළු නංගිගෙ දත් වෙවුලනවා
සමනල ගිර හිස මුදුණින් ඉර බැබලෙනවා
හිරු රැස් බුදු රැස් විහිදා ලොවට බෙදනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දමයන්ති ජයසූරිය
All songs by දමයන්ති ජයසූරිය