මුද්දර අලවපු ලියුම්

Muddara Alawapu Liyum
මුද්දර අලවපු ලියුම් ගොඩාක් ගෙන
උදේම අවදි වෙලා
බයිසිකලේ නැග ගෙන් ගෙට ඇවිදින
තැපැල් පියුම් මාමේ
මට ලියුම් ගොඩාක් ඕනේ
තොරතුරු කියලා පොඩි සාමා ගැන
ලියාපු ලියුමක් ලොකු මාමා
තැපෑලෙ දැම්මලු තව නෑ ලැබුනේ
තැපැල් පියුම් මාමේ
ලියුම් බෙදන අපෙ ගම්මානේ
ඉරිදා හැර දිනයක් ගානේ
අනේ අනේ මේ අහන්න හොඳහැටි
තැපැල් පියුම් මාමේ
පුංචි අපට ඉඳහිටවත්
ලියුමක් දීලා යන්න අනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දමයන්ති ජයසූරිය
All songs by දමයන්ති ජයසූරිය