තොටුපල අයිනේ

Thotupala Ayine
තොටුපළ අයිනේ
කවුද අත වනන්නේ
කවුද අත වනන්නේ
තොටුපළ අයිනේ
හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පඳුරේ හෙවණේ
හබල බිඳීලා පෙරළුණු ඔරුවක සුන්බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි ඒ දෙස නොබලමි
තොටුපළ අයිනේ කවුද අත වනන්නේ
ආ මඟ අඳුරේ පෙරමඟ දෙගොඩින් තරු යුවළක් ඇවිලේ
ඔරුකඳ ඇතුළේ නුපුරුදු සුවඳත් දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි හෙට මම හිනැහෙමි
තොටුපළ අයිනේ කවුද අත වනන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක