සූරිය දෙනුවන්

Suriya Denuwan
සූරිය දෙනුවන් පුබුදින අළුයම
නිදිකුම්බා වැල නිදිගන්වා
පෙරදා අප දුටු සිහින නෙළන්නට
එන්න දේවිකා පියා සලා
මිහිදුම් සළුවෙන් දෑස මුවා කොට
පිණි කඳුළැල් මඟ දිග රන්දා
සැමරුම් විජිතය සොයා ඉගිල යමු
එන්න දේවිකා සිනා සලා
නිදිකුම්බා වැල දෑස හරින තුරු
අතීත හෙවණැළි ළඟට වෙලා
අපේම ආදර ලොවක හිනා වෙමු
හද ජීවිතයෙන් ඈත් වෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක