සුරංගනාවක් සදිසි මෙනවියක්
Suranganawak Sadisi Menawiyak
සුරංගනාවක් සදිසි මෙනවියක්
අපේ මණ්ඩියට ආවා ලූ
මතක පොතක සිත්තමක ගීයක එහෙම ලස්සනක් නැතුවා ලු
ඇය ඔබද කියන් ළඳුනේ
ඔබ ඇය ද කියන් ළඳුනේ
බොහොම කාලයක් ඔහොම රූපයක්
මගේ හදවත තුල තිබුනා නම්
සිහින ලෝකයක් සැබෑ වුනු වගක් මෙහෙමෙ නිමේෂෙක හැඟුනා නම්
ඒ සිහින කුමරි ඔබ නම්
කුමරුවා මම ය බැඳි පෙම්
හිතට පාලුවක් දැනෙන යාමයක්
ඔබටද මට මෙන් දැනේවි නම්
අපට තනිකමක් නොවෙන ලෝකයක් අපිම තනාගමු තනි වේ නම්
ඒ ලොව කියන නම නම්
ආදරය පමණි මට නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක