සුදු මුතු රල පෙළ
Sudu Muthu Rala Pela
සුඳු මුතු රළ පෙල කිඳුරු කොදෙව්වෙන්
පාවඩ පලස එලා
සිඳුළඳ ගෙනදුන් මුතු කැකුළක් සේ
ඔබ මට තිලිණ වෙලා
යුග දිවි වැල්ලේ අඳුරු ඉසවුවේ
මුකුලිත සිතැගි සලා
අරුණැල්ලක් සේ නුඹමිණ පායා
සනහස ජනිත කලා
සැඩරළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
රැඳුනෙමි සරණ සොයා
පවනැල්ලක් සේ නොමහැර ආවෙමි
ඔබ හද සැදෙන තුරා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ටී එම් ජයරත්න