සියක් ආයු ලැබ
Siyak Aayu Laba
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා
මහා පොළොව සේ නිහඬ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන
බුදු බණ පදයක් වේවා
ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස
සුවඳ ගලා ගිය ඔබෙ මව් හදවත
නිවන් පුරට යන මංපෙත හෙළි කළ
පහන් ටැඹක් වේවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ටී එම් ජයරත්න