මේ අයුරින් අපි

Me Ayurin Api
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති
සාලිය මාලා පෙම් බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇති
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති
අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇති
සාගර ජලයත් මදි හැඬුවා මදි
ඔබ හින්දා ඔබ දන්නෙ නැති
ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
මගෙ කඳුලින් සේදෙන්න ඇති
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ටී එම් ජයරත්න
All songs by ටී එම් ජයරත්න