සුදු මුදු වැල්ලේ
Sudu Mudu Walle
සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරි පොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවි රහසේ
මුතු කැට තරු වැල් අපට කියන්නෙත් ආදරේ
සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරි පොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවි රහසේ
මුතු කැට තරු වැල් අපට කියන්නෙත් ආදරේ
මල් සුවඳ සොයා බඹරා එනවා
ආදරය සොයා ඔබ ළඟ වෙනවා
සමනල් රෑනේ පියඹා යනවා
මල් ගොමු දැකලා නැවතී යනවා
සෙනෙහේ සුව දේ සැමදා
ලොව සැනසීමයි ලොව නැලවීමයි
ලොව ගැලවීමයි ආදරය තමයි
ඔබ හා එනවා ඔබ හා යනවා
දිවි තියෙන තුරා සිත සැනසෙනවා
සෙනෙහේ සැරදේ සැමදා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රලේඛා පෙරේරා