කුසුමට ලංවී රොන් ගන්නා

Kusumata Lanwee Ron Ganna
කුසුමට ලංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළඟේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමෙකි මා
ඉගිලී යන්නට පියාපත්
නැත මා හට ඔබ මෙන්
හෙට ආයෙත් දිනයක ඔබ ඒවි
මා රිදවා සතුටු නොවෙන්
හෙට පායන හිරු කිරණින්
යළි මා විකසිත වේවි
ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
යළි මා මුකුලිත වේවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රලේඛා පෙරේරා
All songs by චන්ද්‍රලේඛා පෙරේරා