සියඹලා මලක්

Siyambala Malak
සියඹලා මලක් ඔබේ දෝතේ පිපෙනකොට
ඉගිලිලා යන්න බැහැ ඔය ඇස් දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමණල යුවලකට
නුඹේ හිතේ පෙම් සුවද ඇති තනි නොතනියට
පෙම් හසුන් ඔබ ලියූ කවි පේලී සුන්දරයි
රත්තරන් හදවතේ ආදරේ පිවිතුරුයි
තනිවෙන්න දෙන්නෙ නෑ මේ හිත
ඔබට ආදරෙයි
නෙතු සිඹින පුර හද ලස්සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සදවත
හීනෙන් ඇවිදින් මගේ යහනේ
ඉන්න දෙව් දුව
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්
All songs by අසංග ප්‍රියමන්ත පීරිස්