අතීතයේ එක් සොඳුරු සැඳෑවක
Atheethaye Ek Sonduru
අතීතයේ එක් සොඳුරු සැඳෑවක
සුපිපුනු මල් ඇති උයන් තලාවක
නෙතට නෙතක් මුනගැසුන වෙලාවක
මතකද ඔබ ඉඟි කෙරුවා ආලය
අතීතයේ තව මියුරු සැඳෑවක
රුක් ගොමුවෙන් වට උයන් තලාවක
මුවින් මුවට සිපගත් ඒ මොහොතක
මතකද ඔබ පැවසුව ඔබෙ ආලය
අතීතයේ තව අඳුරු සැඳෑවක
අඳුරින් වටවුනු පාළු සුසානෙක
සිතින් ගතින් වෙන්වුනු ඒ මොහොතක
මතකද ඔබ හැර ගිය ඒ ආලය
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්