හුදකලා විරාමයේදි

Hudakala Wiraamayedi
හුදකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නෙ ඇත්තමයි මිලාන් වූ සිතක්
ආදරෙයි කියා කියන්න ලං වෙලා ටිකක්
මුනගැසී කියන්න බැරිම නම් ප්‍රියාදරී
රෑ පුරාම නිදිවරා පැතූ පැතුම් දිගේ
හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ
හඬ හඬා ඔබේ නමින් ගෙවෙන්නෙ ජීවිතේ
රන් හුයෙන් බැඳෙන්නෙ ලෝකෙ ප්‍රථම ප්‍රේමයක්
හදවතින්ම පිදුණු දාය ප්‍රේම තිලිණයක්
ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්
ආදරේ කියා කියන්නෙ දේව ගීතයක්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්
All songs by අසංග ප්‍රියමන්ත පීරිස්