සිංහල සිංදු කියන
Sinhala Sindu Kiyana
සිංහල සිංදු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී
දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශීවී
ගිනි මලින් තැනූ මල් පොකුරක්
අතට ගත්ත මනාලී
මධුසමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී
ගිනි අවිත් එක්ක පෙමින් බැදුනු
විහඟ සෙනග අඩාවී
ඒ කදුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ගුණදාස කපුගේ