බිම්බරක් සෙනග

Bimbarak Senaga
බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්‍ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම්
මාළිගාව කෝ
ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇළලුණ
වෘක්ෂ දේවතාවුන් බිම වැටී
පණ ගසයි
මිනී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
සතර රියන් කඩ අහිමිව
විලාපය නඟයි විලාපය නඟයි
කැලෑ මල් පිපී රතු තොල්වලින්
කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය
රන් රුවන් කරඩු කොයි
වෑකන්ද කඩා බිම් කටු
කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිස ගසා දමනා
කඩුව බිම දමවු කඩුව බිම දමවු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ගුණදාස කපුගේ
All songs by ගුණදාස කපුගේ