සිහින ලොවේ මිහිර මැවූ

Sihina Lowe Mihira Mawoo
සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ
මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් හාවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
ඔය මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ
කවියන්ගේ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සී ටී ප්‍රනාන්දු
All songs by සී ටී ප්‍රනාන්දු