අවදිවන්න අවදිවන්න

Awadiwanna Awadiwanna
අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
සිතනවාට වඩා සොදුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත්වන්නේ
සුසුම් හෙලන කලට දුක් වෙලා
ඔබත් සමග කව්ද අඩන්නේ
ටිකක් සතුටු වන්න සැනසිල
දහසක් ඒ ලෙස හිනැහෙන්නේ
බලනු මැනවි කුරුළු කැදැල්ලේ
සතුට සැපත රස ඉතිරෙන්නේ
එහෙම ඉදිමු සිත සැනසිල්ලේ
දුකිනි මිනිස් කම ලබන්නේ
දුක සැප දෙක පෙරලි පෙරලි යයි
යන කාලය නැත නවතින්නේ
ඊයේ වගේද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොද වෙන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සී ටී ප්‍රනාන්දු
All songs by සී ටී ප්‍රනාන්දු