මී වදයකි ජීවිතේ
Mee Wadayaki Jiwithe
මී වදයකි ජීවිතේ
මී පැණි පිරීලා ඇතේ
මත්වීලා ගුමු ගුමු නද දීලා
සැනසෙමු අපි හිතුමතේ
මලින් මලට පියඹමු
තුඩින් තුඩට රොන් ගමු
ලියන් තමා රස වැහෙන මල් වැල්
ඔවුන් සොයාගෙන යමු
හිරු නාවාදෙන් සඳ ගිලුනාදෙන්
ඉන්නා ටික කාලෙදී
රසට රසක් වී මිහිරට එක් වී
අපි වෙමු මී මැසි පොදි
මී මැස්සෝ ඔබයි මමයි
මී මැස්සියෝ ලඳුන් තමයි
ලස්සන දේ ගැන ඇස් ඇදිලා යයි
සිරිබර විසිතුරු ලොවේ
දකින දැකුම් සිත වසඟ කරාලයි
දෑසට දේ රස සුවේ
සන්තෝසේ දුකයි සැපයි
සාදා දෙන්නේ අපේ සිතයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සී ටී ප්‍රනාන්දු