සතර වරම් දෙවි

Sathara Waram Dewi
සතර වරම් දෙවි මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්
පළා පෙති බැඳන් ගෙල වට
හංස පියාපත් සලමින
නුඹේ පා යටින්
සඳකඩ පහණ පායලා
බ්‍රහස්පතී තාරකාව
මුදුන් වී සරත් නුබ ගැබ
ස්වර්ණමාලි මහ සෑ අග
කොත් පලන්දලා
කලා වැව් දියේ උත්පල
නෙලා ගෙනැ ඇඟිලි පොකුරට
අප්සරාවියන් ලෙන් දොර
බලා හිඳිනවා
වළාහක දෙවිඳු
ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
ඉසුරුමුණි විහාරය ළඟ
අන්න හිඳිනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව
All songs by අමරදේව