සසර සැරි සරණ තෙක්
Sasara Sari Sarana Thek
ඔබේ දෙතොල් පෙති ලිහි
පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි
රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදි
තුන් සිතම සලිත වේ
සසර සැරි සරණ තෙක් ඔබ මගේ
ඔබ මගේ
හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ
ඔබ මගේ
නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බැ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ
ඔබ මගේ
යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ
ඔබ මගේ
අහස් තල පොලෝ තල ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුවත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බැ සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ
ඔබ මගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක