දෙනෙත සළා
Denetha Sala
දෙනෙත සළා මඳ අඳුර මැදින්
අසල ඉඳන් ඇය තුරුළු වෙමින්
අවන්හලේ දී ලං වූ තුසීතේ
ගිළිහී නොයේවා වසන තුරා
බඹර හඬින් මියුරු සරින්
නැගෙනා හඬින් හද සසැළෙනවා
අමා බඳුන් මුව ගෑ මොහොතින්
මසිත නිවේ යළි නිසල වෙලා
මතක මැදින් කඳුළු තුලින්
සිඳුනු පැතුම් යළි සිහි වෙනවා
අමා බඳුන් මුව ගෑ මොහොතින්
මසිත නිවේ යළි සළිත වෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක