සඳු හිරු වී
Sandu Hiru Wee
සඳු හිරු වී මගේ ලොවේ
ඔබ දිලුණා
ඔබ හමු වී ළඳේ එදා
සිත බැඳුණා
දිවි කතරේ යන අතරේ
හදේ සුසුම් නිවා
නෑ ආයෙ ඒ ඈත ඒ පාළු ලෝකේ
මා හා මෙදා යා වෙලා
නෑ මාගෙ ජීවේ ඒ කාලෙ වාගේ
සුසුම් ඒවිදෝ මා සොයා
මේ සීත රෑ යාමෙ මේ ගීත ලෝකේ
මා හා බැඳී යා වෙලා
මා කීව ගීතේ මේ පාළු යාමේ
පැතුම් යාවිදෝ පා වෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ටී එම් ජයරත්න