සඳ වට රන් තරු
Sanda Wata Ran Tharu
බඩගිනි වෙලා ගොඩවුණු කල පුතුගේ ගෙට
මා යකිනියක ලෙස පෙනුනයි ලේලියට
දරු සෙනෙහසින් ඇඟ ලේ පෙරලුනි කිරට
අම්මද බිරින්ඳද ලොකු වැඩියෙන් නුබට
සඳ වට රන් තරු කැකුළු පිපේවා
හිරුට වලාකුළු සළු පැලදේවා
පොළොවෙහි මිනි මුතු කැට බිහි වේවා
පුතෙකුට අම්මගේ අගය දැනේවා
ගඟුලට ඇති බර දිය වැල නේදෝ
කතරට ඇති හර සුදු වැලි නේදෝ
ළඳකට ඇති හැඩ යහ ගුණ නේදෝ
මවකට ඇති සැප දරු සැප නේදෝ
ගින්නක් නැති කල දුමක් කොයින්දෝ
පින්නක් නැති කල කෙතක් කොයින්දෝ
වහලක් නැති කල ගෙයක් කොයින්දෝ
අම්මෙක් නැති කල දැයක් කොයින්දෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සී ටී ප්‍රනාන්දු